පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා අධිකරණයෙන් දඩ නියම කෙරුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන) නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විනය පරීක්ෂණ අවසන් වන තෙක් ඔහු අනිවාර්ය නිවාඩු යවා ඇති බව වාර්තා වෙයි.
මෙම තීරණය අද (18) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ගෙන තිබේ.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව නිලන්ත ජයවර්ධන ට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පසුගිය 1 වැනිදා විනය පරීක්ෂණයක් ආරම්භ කරන ලදී.
නිලන්ත ජයවර්ධන දැනට රාජකාරී කරන හෙයින් විනය පරීක්ෂණය සඳහා සාක්ෂි ලබාදීමට පැමිණෙන සාක්ෂිකරුවන්ට බලපෑමක් ඇතිවීමෙන් විනය පරීක්ෂණයට අගතියක් විය හැකි හෙයින් මෙම පියවර ගත් බව ජාතික පොලිස් කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
