මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර නායකත්වය දැරූ 'ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ' නව නායකයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂාන් ප්‍රේමරත්න තෝරගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර විසින් මෙම නව නායකත්වය නිරෝෂන් ප්‍රේමරත්න වෙත පිරිනමා ඇත.
එහිදී ඔහු පවසා සිටියේ තරුණයෙකුට සිය පක්ෂයේ නායකත්වය ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගනුලැබූ බවයි .
එසේම තමන්ට පක්ෂයක් ඇති නමුත් ජනතාව නොමැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසීය .
නිරෝෂාන් ප්‍රේමරත්න ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනිමින් නායකයා ලෙස පත්වුණේ බත්තරමුල්ල අපේ ගම පරීශ්‍රයේ ඊයේ (16) පැවති පක්ෂ සම්මේලනයේදීය.
මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය ලද නිරෝෂාන් ප්‍රේමරත්න මිට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ගේ 'ජාතික නිදහස් පෙරමුණ' නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
