කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට

කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට

කොහුවල මංසන්ධියේ පවතින අධික රථවාහන තදබදයට පිළියම් සැපයීම උදෙසා හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට ඉහළින් කොහුවල මංසන්ධියේ ඉදි කරන ලද ගුවන් පාලම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ සුරතින් අද (17) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මගින් මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ හංගේරියානු බෙටොනට්පිටෝ සමාගම විසින්ම මෙම ගුවන් පාලම ඉදිකළ අතර එහි ශ්‍රී ලංකා නියෝජිත ආයතනය ලෙස ඇක්සස් ඉංජිනේරු සමාගම කටයුතු කරන ලදී.

2021 අගෝස්තු මස 16 වන දින ඉදිකිරීම් ආරම්භ කළ මෙම ගුවන් පාලමේ දිග මීටර් 254 ක් වන අතර පළල මීටර් 9.4 කි.

මේ සඳහා රුපියල් මිලියන 3599 ක් වැය වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න