ජනාධිපතිවරණය පැවැත්වීම : මැකොස ට බලය හිමිවේ : දිනය සති දෙකක් තුළ එළියට !  

ජනාධිපතිවරණය පැවැත්වීම : මැකොස ට බලය හිමිවේ : දිනය සති දෙකක් තුළ එළියට !   

මීළඟ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට හෙට (17) සිට ව්‍යවස්ථාවට අනුව  බලය පැවරේ.

මේ සම්බන්ධයෙන් අද (16) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම්.ඒ. එල්. රත්නායක  පවසා සිටියේ  ඉදිරි සති දෙකක කාලය තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරන බව ය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ නිවේදනයේ නාමයෝජනා භාර ගන්නා දිනය ඇප මුදල් තැන්පත් කළ යුතු දින සහ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ද එහිදී  ප්‍රකාශයට පත්කරන බව ද ඔහු පැවසීය .

කෙසේ වුවත්  ජනාධිපතිවරණය එළැඹෙන  සැප්තැම්බර් 17 වැනිදාත් ඔක්තෝබර් 16 වැනිදාත් අතර කාලය තුළ පැවැත්වීමට කටයුතු යොදන බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය .

මේ අතර ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 1000ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවද සඳහන් කළ ඔහු ජනාධිපතිවරණයේ මූලික කටයුතු සඳහා වන ඇතැම් වියදම් දැනටමත් සිදු කර ඇති අතර  මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙන බව ද  සඳහන් කළේය .

තවද එළැඹෙන   ජනාධිපතිවරණයේදී ජන්දය ප්‍රකාශ කිරීමට ජන්දදායකයන් 1,71,40, 000ක් සුදුසුකම් ලබා සිටින බවත් ඒ අතර වයස අවුරුදු 18 සම්පූර්ණවූ තරුණ ජන්ද 76,000ක් තිබෙන බවත් ඔහු වැඩිදුරටත්  කීවේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න