KPI අල්ලාගෙන ලංකාවට ගේන්න : ප්‍රංශයට පැන්න IP බලය ඉල්ලයි !

KPI අල්ලාගෙන ලංකාවට ගේන්න : ප්‍රංශයට පැන්න IP බලය ඉල්ලයි !

රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් නීත්‍යානුකූල ලිපියක් ලබා දෙන්නේ නම්  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන් ලංකාවට ගෙන ඒමේ හැකියාව තමන්ට තිබෙන බව හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක  පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා තමන්ට පාතාලයෙන් මරණ තර්ජන එල්ල වී ඇති බව පවසමින්  මීට සිව් මසකට පමණ ඉහතදී දුමින්ද ජයතිලක මහතා හිටි හැටියේ විදේශගත වී තිබිණි.

මේ වන විට ඔහුගේ රාජකාරී වැඩ පොලිස් දෙපාර්තමේන්තුව විසින් තහනමට ලක් කර ඇත. පොලිස් පරීක්ෂක ජයතිලක මහතා ඉකුත් (13) වෙනිදින  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ උපන්දින  සාදයට ද එක් වී තිබූ බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද ප්‍රචාරය වී තිබුණු අතර එම ප්‍රචාරයන්ට ද ඔහු මෙලෙස  පිළිතුරු ලබාදී තිබිණි.

පාතාලය එක්ක මගේ කිසි සම්බන්ධයක් නෑ.  මගේ දරුවා මාස පහක් පාසල් ගියේ නෑ. බිරිඳට ඉන්න තැනක් නෑ. ගෙවල් 12කට ගියා . ඒ අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා . ඒවා කවුරුත් කතා කරන්නේ නැහැ.

ඒ වගේම ලංකාවේ පාතාල මර්ධනය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් රැකියාව කරපු සුවිශේෂී කෙනෙක් මම අදටත් ජාත්‍යන්තර පොලිසියේ සාමාජිකයෙක්. කංජිපාණී ප්‍රංශයේ ඉන්නවා නම් ලංකාවට ගේන්න මට පුළුවන්. ඒකට මට අවශ්‍ය බලය පවරන්න.

කංජිපානි  ලංකාවට ගෙනාවයි කියලා පාතාලය හෝ කුඩුජාවරම නතර වෙන්නේ නෑ. නමුත් ලංකාවට අවශ්‍ය නම් මගේ කොටස කරන්න මම පැකිලෙන්නෙත් නෑ.

  • lankadeepa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න