ජාත්‍යත්තර මූල්‍ය අරමුදල් ප්‍රධානීන්ගෙන් ලංකාවට ප්‍රශංසා

ජාත්‍යත්තර මූල්‍ය අරමුදල් ප්‍රධානීන්ගෙන් ලංකාවට ප්‍රශංසා

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඇතුළු මෙරට ධූත පිරිස අතර සාකච්ඡාවක් IMF/WB වසර මැද සමුළුවට සමගාමීව පැවැත්විණි.

ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සහ ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ඔකමුරා ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කළේ ය.

අප්‍රේල් 15 වනදා ආරම්භ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වසර මැද ස්ප්‍රිං සමුළුව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඇතුළු නියෝජිතයින් පිරිසක් එක්ව සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව අත්කරගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගනිමින් ශක්තිමත් හිමිකාරීත්වයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේ ය. මෙහිදී මෑතකාලීන සමාජ-ආර්ථික වර්ධනයන් සහ වැඩසටහන යටතේ සිදු කරන ලද සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවල අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ශ්‍රි ලංකාව සිදු කළ කැපකිරීම එහි දී පෙන්වා දුන් බව අමාත්‍ය සේමසිංහ පැවසීය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වය, වර්ධනය සහ ආයෝජන අවස්ථාවන් පිළිබඳව ජාත්‍යන්තර අවබෝධය සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය (BCIU) සමඟ වොෂින්ටන් හි සාකච්ඡාවකට එක් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

මෙහි දී ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකාවේ ඇති අවස්ථාවන් පිළිබඳව කේන්ද්‍රගතවු අතර අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය, පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මය සහ තාක්‍ෂණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර වල උපායමාර්ගික ආයෝජන මගින් තිරසාර ආර්ථික වර්ධනයක් ළගාකරගත හැකි අයුරු සාකච්ජා කෙරුණු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මෑත කාලීන ආර්ථික හා අනෙකුත් ප්‍රතිසංස්කරණ, ප්‍රතිඵලවලට පරිවර්තනය වී ඇති ආකාරය ඇතුළුව ශ්‍රී ලංකාව සම්බන්ධව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන හා වත්මන් සාර්ව-ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකා ආර්ථිකයේ අවස්ථාවන් පුළුල් කිරීමට ජාත්‍යන්තර අවබෝධය සහ සහයෝගීතාව වැඩිකිරීමට සහභාගිවුවන්, පාර්ශවකරුවන් සහ ගෝලීය හවුල්කරුවන් දක්වන උනන්දුව එහි දී අවධාරණය කෙරිණි.

මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සඳහා විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් පැවැත්විණි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය මෙන්ම 2024 මාර්තු මාසයේදී එළඹුණු කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමෙන් පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ හි වැඩසටහනේ 2 වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා වන ඊළඟ පියවර පිළිබඳව මෙහි දී සාකච්ඡා කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා සමඟ පැවැති සාකච්ඡාවේ දී දුෂ්කර ප්‍රතිසංස්කරණ මාලාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා හිමි විය.

ලෝක බැංකුවේ විවිධ අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගත කිරීම් සහ මෙම වෙනස්කම් ශ්‍රී ලංකාව වැනි රටවලට ප්‍රයෝජන ගත හැකි ආකාරය පිළිබඳ තොරතුරු සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාවට තම උපරිම සහයෝගය ලබා දෙන බවට අයියර් මහතා එහි දී සහතික වූ බවයි අමාත්‍යවරයා කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න