අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කෙරෙන බව සඳහන් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත්කර ඇත .
ඊට අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5.00කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 371.00 කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 5.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363.00 කි.
ලංකා භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 26.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 262.00 කි.
මේ අතර 95 ඔක්ටේන් යූරෝ 4 වර්ගයේ ලීටරයක මිල රුපියල් 8.00 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 456.00කි.
එසේම ලංකා සුපිරි ඩීසල් 4ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල ද රුපියල් 7.00 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 468.00 ක් වෙයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
