අල කීයද ලූණු කීයද ? මහින්ද ආයෙත් අහයි !

අල කීයද ලූණු කීයද ? මහින්ද ආයෙත් අහයි !

" අල කීයද ලූණු කීයද ?" යන ප්‍රශ්නය තමන් අදටත් අහන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ " අල කීයද ලූණු කීයද " යනුවෙන් ඔහු මීට පෙර සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මේ මොහොතේ සන්ධාන ගතවෙන සියල්ලන් අවසානයේදී පැමිණෙන්නේ තම පක්ෂයට බවද පැවසීය .

පිරිසක් පක්ෂය හැරදමා ගියත් තම පක්ෂයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් තවමත් තම පක්ෂයේ සැලුන් දොර විවෘත බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කර සිටියේ ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් දේශපාලන විචාරකයකු පවසා සිටියේ "අල කීයද ලූණු කීයද යන ප්‍රශ්නය බලය අහිමි වූ සහ බලය දුරස්ථ වූ අවස්ථා වල පමණක් නොඅසා , බලය තිබෙන අවස්ථාවේ ද සංවේදී වූවා නම් තවමත් ජනාධිපති ගෝඨාභය වන අතර මහින්ද අගමැති බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ බල හුවමාරුව සිදුනොවන්න මේ රට මිහිමත අපායක් වීමට ඉඩ තිබූ බව සිහිපත් කළ එම විචාරකයා මෙරට නිහඬ බහුතරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ රට ගොඩනගන වැඩපිළිවෙළ සාර්ථක බව පිළිගෙන ඇති බවත් ඒ යථාර්ථය තේරුම් ගෙන දේශපාලනය කිරීම හැර වෙනත් තෝරාගැනීමක් රාජපක්ෂවරුන් ට නොමැති බවත් පැවසීය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න