රොෂාන්ගෙන් ICC යට අභියාචනයක් : නොවැම්බර් 21 තීරණාත්මකයි !

රොෂාන්ගෙන් ICC යට අභියාචනයක් : නොවැම්බර් 21 තීරණාත්මකයි !

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට නුදුරේදීම අභියාචනයක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අද (11) කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ද්වේෂ සහගතව තහනම් කළේ ඇයිදැයි එහිදී විමසන බවද අමාත්‍යවරයා සඳහන් කළේය .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු ආකාරයක දේශපාලන බලපෑම් හෝ අතපෙවීම් කර නැතැයි පැවසූ අමාත්‍යවරයා මුළු පාර්ලිමේන්තුවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලකයන් ගෙදර යා යුතු බව එකහෙළා අනුමත කළ බවද සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුද්ද කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වුවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පනවා ඇති තාවකාලික තහනම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමර්ග නොවැම්බර් 21 වැනි දා ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ රැස්වීමේ දී තිරණය කරනු ඇති බවයි.

ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන රැස්වීම නොවැම්බර් 18 සිට 21 දක්වා අහමදාබාද්හිදී පැවැත්වීමට නියමිත අතර එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීම නොවැම්බර් 21 වනදා පැවැත්විමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න