ඇහැලියගොඩ පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රියංකර ද සිල්වා වෙඩි වැදිමෙන් 21දා අලුයම මියගොස් ඇති බව ඇහැළියගොඩ පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වෙඩි තැබීම සිදුව ඇත්තේ පොලිස්ථානාධිපතිවරයා නැවතී සිටි නිලනිවස තුලදී බවත් එහිදී හිසේ දකුණු කණ පැත්තෙන් වෙඩිවැදුන බවට සැකකළ හැකි ලේ වහනය වන තුවාලයක් ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි .
ප්‍රියංකර ද සිල්වා යන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා මෙසේ මියගොස් ඇති අතර ඔහු කලුතර ප්‍රදේශයේ පදිංචි හතළිස් දෙවැනි වියේ පසු වු දෙදරු පියකු බවත් වාර්තා වෙයි .
මෙම සිදුවීම සිය දිවි නසා ගැනීමක් ද නැත්නම් අපරාධයක් ද යන්න පිළිබඳව වැඩිදුරටත් පොලිස් පරීක්ෂණ සිදුවන බවත් දැනගන්නට ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
