වී.ඒ සුගතදාස ආදර්ශයෙන් එජාපයට පුනර්ජීවනයක් ගේනවා : රවී K ප්‍රතිඥා දෙයි !

වී.ඒ සුගතදාස ආදර්ශයෙන් එජාපයට පුනර්ජීවනයක් ගේනවා : රවී K ප්‍රතිඥා දෙයි !
වී ඒ සුගතදාස වැනි කෘතහස්ථ දේශපාලන නායකයින් ආදර්ශයට ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ විශාල පුනර්ජීවනයක් ඇති කර දිදුළන  පක්ෂයක් නිර්මාණය කරන බව එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක , හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කර සිටියි.
 
රට ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශාල මෙහෙවරක් කරමින් සිටින බවත් තවමත්  දුෂ්කර නමුත්  නිවැරදි පීල්ලට ගෙනවිත් ඉදිරියට  යන මාර්ගය ඇතිකර තිබෙන බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.
 
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙම අදහස් දක්වා සිටියේ  වී ඒ සුගතදාස මැතිතුමාගේ 50 වැනි ගුණ සමරු උත්සවය අමතමිනි.
 
 එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය.
 
රටට, එක්සත් ජාතික පක්ෂයට සහ උතුරු කොළඹ ආසනයට අති විශාල සේවයක් කළ කෘතහස්ථ දේශපාලකයෙකු වන වී ඒ සුගතදාස මැතිතුමාගේ 50 වැනි ගුණ සමරුව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් අප මෙසේ ඉතා උත්කර්ෂවත්ව පවත්වමින් එතුමාට නිවන් සුව ප්‍රර්ථනා කරනවා.
 
1956 එකසත් ජාතික පක්ෂය අන්ත පරාජයට පත්ව තිබු අවස්ථාවේ දී කොළඹ නගර සභාවේ පුනර්ජීවනයක් ඇති කර ඉදිරියට ගෙන යාමේ වගකීම වී ඒ සුගතදාස මැතිතුමාට භාර වෙලා තිබෙනවා. ඒ අවස්ථාවේ දී එතුමා එවකට එක්සත් ජාතික පක්ෂයේ නායක සර් ජෝන් කොතලාවල මැතිතුමා හමු වෙලා තිබෙනවා. එසේ හමු වෙලා කොළඹ මහා නගර සභා ඡන්දය ළඟ ළඟම එන නිසා ඊට ශක්තිමත්ව මුහුණ දී එක්සත් ජාතික පක්ෂය යළි නගා සිටු විය යුතු බව එතුමා සර් ජෝන් කොතලාවල මැතිතුමාට කියා තිබෙනවා. එවිට සර් ජෝන් කොතලාවල මැතිතුමා, වී ඒ සුගතදාස මැතිතුමාට කියා තිබෙන්නේ, "සුගතේ...මේ එක්සත් ජාතික පක්ෂය කියන පෙට්ටියට ඇන ගහලා ඉවරයි. මේකේ වැඩ වෙන කෙනෙකුට භාර දී ලා ඔයා ගිහින් වෙන වැඩක් කර ගන්න" යනුවෙනුයි.
 
නමුත් වී ඒ සුගතදාස මැතිතුමා එතුමාගේ වැඩ නතර කළේ නැහැ. එතුමා සියලු දෙනා එකට එකතු කර ගත්තා. එක්සත් ජාතික පක්ෂය යළි නගා සිටුවා රට ඉදිරියට ගෙන යා යුතු බව සියලු දෙනාට මතක් කර දුන්නා. එවැනිම අවස්ථාවකට වර්තමානයේත් එක්සත් ජාතික පක්ෂය පත්ව සිටිනවා. එදා වී ඒ සුගතදාස මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ ඇති කළ පුනර්ජීවනය යළි පක්ෂයේ ඇති කරමින් බබලන එකසත් ජාතික පක්ෂයක් අප බිහි කළ යුතුයි.
 
රට ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශාල මෙහෙවරක් කරමින් සිටින බව කවුරුත් දන්නවා. බංකොලොත් වී තිබූ රට යළි හරි පීල්ලට දැම්මා. පෝලිම් යුගය නැති කළා. ගෑස්-තෙල්-බෙහෙත්-පොහොර ලබා දුන්නා. ජීවිතේ  ලේසි නැහැ. නමුත් ඉදිරියට යන්න පුළුවන් මාර්ගය ඇති කරලා තිබෙනවා. ඒ නිසා වී ඒ සුගතදාස මැතිතුමා 1958 දී ඒ තිබ්බ කොළඹ මහා නගර සභා ඡන්දය ජය ගෙන පුරපති වෙලා එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන ආරම්භ කළා වගේ අප ද අද අපේ පක්ෂයේ අලුත් ගමනක් ආරම්භ කරමින් පුනර්ජීවනයක් ඇති කර පක්ෂය බබලනවා.
 
මෙම උත්සව සභාව අමතා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා ද අදහස් දැක්වීය.
 
 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න