පාසල් හැරගිය දරුවන්ට නොමිලේ වෘත්තීය පුහුණුව

පාසල් හැරගිය දරුවන්ට නොමිලේ වෘත්තීය පුහුණුව

පාසල් හැරගිය දරුවන් වෘත්තීය පුහුණුවට යොමු කරමින් ඔවුන් රැකියා අවස්ථා සඳහා යොමු කිරීමට කඩිනම් පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි.

අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් දෙනු ලැබූයේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද(19) පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදීය.

පාසැල් හැරයන දරුවන් පිළිබදව නිසි දත්ත වාර්තාවක් කඩිනමින් සකස් කර ඔවුන් නොමිලේ පුහුණු පාඨමාලා සඳහා යොමු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දෙනු ලැබීය.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන්ව විවිධ හේතූන් මත පාසැල් හැරයන දරුවන්ට ඉදිරි අධ්‍යාපනයක් නොමැති වුවහොත් ඔවුන්ගේ පෞද්ගලික දියුණුව මගහැරී යෑම මෙන්ම සාමාජීය ගැටලු නිර්මාණය විමටද හේතු විය හැකිය. සාමාන්‍ය පෙළ දක්වා හෝ උසස්පෙළ දක්වා පාසැලේ ලියාපදිංචි වී සිටි දරුවන් පාසල හැරයාමේදි ඒ පිළීබඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වාර්තාගත වීම අත්‍යවශ්‍ය කරුණක් බව ද මෙම දරුවන් විභාගය නොකර හැරෙන මාර්ගය කුමක්ද, එසේ සිදුකරන්නේ කුමන හේතුවක් මතද යන්න සොයා බැලීම අනිවාර්ය බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පාසල් හැරගිය දරුවන් වෘත්තීය පුහුණුවට යොමු කරමින් ඔවුන්ට රැකියා අවස්ථා ලබාගැනීම සදහා මගපෑදීමත්, නොමිලේ පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීම තුලින් ඔවුන්ගේ ඉදිරි අනාගතය සාර්ථක කිරීමට අවශ්‍ය පියවර ගැනීම සියලුදෙනාගේ වගකීමක් බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න