අතෙන් ගිය අයට අත දිගු වෙයි !

අතෙන් ගිය අයට අත දිගු වෙයි !

ආණ්ඩුවට එක්වී ඇමැතිකම් ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට නැවත සිය පක්‍ෂය සමග එක්ව කටයුතු කිරීමට තමා ආරාධනා කර සිටින බව හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන පවසයි

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශයක් කරමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කිසිසේත් දෙකඩවී නොමැති බව පවසන හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවට සහයෝගය දක්වන සිය මන්ත්‍රීවරුන් සමග එක්ව පක්‍ෂය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කරයි.

මැතිවරණ කොමිසම ද ඒ සඳහා අවසර ලබාදී තිබෙන බවත් ඉදිරියේදී එම මන්ත්‍රීවරුන්ට සිය පක්‍ෂය සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාව තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න