සේවා තුනක් අත්‍යාවශ්‍ය කර ගැසට් නිවේදනයක් !

සේවා තුනක් අත්‍යාවශ්‍ය කර ගැසට් නිවේදනයක් !

විදුලිබල සැපයීම, ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත්කරනු ලැබ තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගයකට අනුව ජනාධිපති ලේකම්වරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.

ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධයෙන් වන සියලුම සේවා ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම රෝහල්වල සාත්තු නිවාසවල බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගී නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය පෝෂණය කිරීම,ප්‍රතිකාර කිරීම සම්බන්ධව සියලු සේවා වැඩ හෝ ශ්‍රමය එලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇත .

එම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇත්තේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සහ ඊට බාධා අවහිර ඇතිවීම වැළැක්වීම සඳහා යැයි එම නිවේදනයේ සඳහන් වෙයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න