සතොස ගැන තීන්දුවක් ගන්න සූදානමක් !

සතොස ගැන තීන්දුවක් ගන්න සූදානමක් !

සතොස වසා දමා එහි දේපළ හා වත්කම් ලංකා සතොසට පැවරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.

වසර ගණනාවක් තිස්සේ දිගින් දිගටම සතොස ආයතන පාඩු ලැබීම හේතුවෙන් මේ ගැන අවධානය යොමු කර ඇත.

ආයතනය ඈවර කරන්නේද නැද්ද යන්න පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු කියාසිටියි.

ආයතනය ඈවර කළහොත් එහි සේවකයන් සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට කම්කරු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරන බව ද ඇමැතිවරයා පැවැසීය.

මෙම ආයතනය වසර 20ක පමණ කාලයක් සිට රුපියල් බිලියන ගණනක පාඩුවක් ලබන බවත් ඔහු පෙන්වා දෙයි.

එනිසා මෙය තවදුරටත් පවත්වාගෙන යාම රජයට කිසිදු ලාබයක් නැති නිසා අවසන් තීරණය මුදල් අමාත්‍යංශය විසින් ලබා ගනු ඇති බවත් ඇමතිවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න