රාජකුමාරි මරණයේ විමර්ශන කඩිනම් කරන්නැයි නියෝගයක් !

රාජකුමාරි මරණයේ විමර්ශන කඩිනම් කරන්නැයි නියෝගයක් !

පසුගියදා වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට පත්වීමෙන් පසුව රාජකුමාරි නැමැති කාන්තාවක් මරණයට පත්වූ බව සඳහන් සිදුවීමට අදාළ පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඒ අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්තේ මියගිය කාන්තාව අවසන් වශයෙන් රැඳී සිටි ස්ථානයේ CCTV දර්ශන ලබාදෙන ලෙස ඉල්ලීම් කළත් ඒවා මෙතෙක් ලබා දී නොමැති බවය.

ඒ අනුව අදාළ දර්ශන ලබාගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන මෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ අධිකරණය අවිය කරන් දක්වමින් මියගිය තැනැත්තියගේ දේහය මඟදමා තිබියදී සොයා ගත් බව පොලිස් නිලධාරීන් ප්‍රකාශ කළ ද එසේ මෘත ශරීරයක් සොයාගත් විට අනුගමනය කළ යුතු නීතිමය ප්‍රතිපාදන පවතින බවද පැවසුවේය.

එවැනි දෙයක් සිදු වූ විට අධිකරණ පෝරම සම්පූර්ණ කිරීම, සාක්කු සටහන් යෙදීම, රෝහල් පොලිස් මුරපොළ දැනුවත් කිරීම වැනි කටයුතු කටයුතු සිදුකළ යුතු වූවත් මෙම සිද්ධියේ දී එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමක් සිදු වී නොමැති බවට සැක පහළ වී ඇති හෙයින් ඒ පිළිබඳව සොයා බලන නියෝගයක් නිකුත් කරන ලෙසද නීතිඥවරයා ඉල්ලා සිටියේය.

ඒ අනුව මියගිය කාන්තාව අවසන් වශයෙන් රැඳී සිටි ස්ථානයේ CCTV දර්ශන හා ජාතික රෝහලේ සටහන් ලබාගෙන විමර්ශන සිදුකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර එම විමර්ශනවල ප්‍රගතිය ලබන 21දා වාර්තා කරන ලෙස ද නියෝග කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න