24 ආණ්ඩුවේ හැමෝම පාර්ලිමේන්තු එන්න !

24 ආණ්ඩුවේ හැමෝම පාර්ලිමේන්තු එන්න !

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ලබන 24 වන දින පාර්ලිමේන්තු සැසිවාරයට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට ඉරි තුනේ නිවේදනයක් ලෙස එම දැනුම්දීම සිදුකර ඇත.

පාර්ලිමේන්තු සභා වාරයට අනිවාර්යය‍ෙන් සහභාගී වීම ඳෙහා ඉරි තුනේ නිවේදනය නිකුත් කරන අතර, එම නිවේදනයට අනුව පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී නොවුන හොත් ඊට මන්ත්‍රීවරුන් විසින් නිදහසට කරුණු දැක්වීම සිදුකළ යුතු වේ.

අයවැය ඡන්ද විමසීම ඇතුළු විශේෂ පනත් සම්මත කරන අවස්ථාවලදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් මෙවැනි ඉරිතුනේ නිවේදන නිකුත් කිරීම සිදුවන බව වාර්තා වේ.

මෙම නිවේදනය නිකුත් කළ විට මන්ත්‍රීවරුන්ට විදෙස් සංචාර සඳහා ද තහනමක් පැන වේ.

මැයි මස 24 වන දින මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත අතර එදින පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

මෙම විවාදය සම ඡන්ද විමසීම ඉතා වැදගත් බැවින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට එදිනට සහභාගි වීම අනිවාර්ය කර ඇති බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වාදෙයි.

කෙසේ වෙතත් මේ වන විට සජබ ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුව ගෙනවිත් තිබෙන යෝජනාවට එරෙහිව තමන් ජන්දය ප්‍රකාශ කරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න