ගම්පහ එජාප ආසන බලමණ්ඩලයෙන් රටටම මැසේජ් එකක් !

ගම්පහ එජාප ආසන බලමණ්ඩලයෙන් රටටම මැසේජ් එකක් !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ ගම්පහ ආසන බලමණ්ඩලය පිහිටුවීම ඊයේ (20) යක්කල නගර ශාලා පරිශ්‍රයේ පැවැත්විණ.

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසනයේ සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ විසින් සංවිධානය කර තිබූ මෙම ආසන බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක , ගම්පහ දිස්ත්‍රික් නායක , දේශගුණ විපර්‍යාස පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන , එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් , පාලිත රංගේබණ්ඩාර , එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් ඇතුළු එම පක්ෂයේ ප්‍රබලයන් රැසක් සහභාගිව සිටියහ.

මෙහිදී වූ විශේෂ සිදුවීමක් වූයේ ගම්පහ ආසනයේ සමගි ජනබලවේගය පක්ෂය නියෝජනය කරන සියලු කොට්ඨාස නියෝජිතයන් සියලුදෙනා පාහේ යළිත් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමය. යක්කල, වැලිවේරිය, අමුණුගොඩ, ඉඹුල්ගොඩ, බුළුගහ - ගනේමුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක ප්‍රමුඛ පෙළේ සජබ ක්‍රියාකාරීන් රැසක් ද ඒ අතර වූහ.

"අභියෝග ජයගමු - 2028 සියවසේ කතිකාව" මැයෙන් පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසන බලමණ්ඩලය තවත් ශක්තිමත් කරමින් ගම්පහ මහ නගර සභාවේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ප්‍රේමසිරි කාරියවසම් ද සිය පක්ෂ ක්‍රියාකාරීන් රැසක් සමග ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට විසඳුම් සොයමින් රට නැවත ගොඩනගන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිපත්තියට සහය පළකරමින් එක්විය.

මෙහිදී ගම්පහ ආසන බලමණ්ඩලය අමතමින් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසනයේ සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ මෙසේ පැවසීය .

" මම සාමාන්‍යයෙන් ජාතික දේශපාලනය ගැන කතා කරන්න , අදහස් දක්වන්න කැමති කෙනෙක්. නමුත් අද ගම්පහ දේශපාලනය ගැන කතා කරන්න සිදුව තිබෙනවා. සාමාන්‍යයෙන් ගම්පහ ආසනය කියන්නේ එක්සත් ජාතික පක්ෂය ට කවදත් අභියෝගයක් වූ ප්‍රදේශයක්. එදා "ලාම්පු - කළගෙඩි" ජනමතවිචාරණය අවස්ථාවේ "කලගෙඩිය" දිනපු ආසන 8න් එක ආසනයක් තමයි ගම්පහ කියන්නේ .

නමුත් අපි ගම්පහ දේශපාලනය වෙනස් කරන තීන්දුවක් ගත්තා. රටම අලුත් වෙන වෙලාවේ, එක්සත් ජාතික පක්ෂය අලුත් වෙන වෙලාවේ ගම්පහ අපි තීරණයක් ගත්තා , ශ්‍රීලනිප වගේම එජාපය හැරගිය අය ඇතුළුව දේශපාලනයේදී වැඩක් කරන්න සූදානම් හැමෝටම ලෝබ නැතුව අවස්ථාව දෙන්න. ඒ වෙනස සාර්ථක කරගන්න එක්වුණ මිනිස්සු අද මෙතැන ඉන්නවා. තවදුරටත් ගම්පහ ආසනයේ සජබ - එජාප කියලා වෙනම නාමකරණයකට අවස්ථාව නෑ . අද සජබ පළාත් පාලන අපේක්ෂකයන්, කොට්ඨාස නියෝජිතයන් සේරම ඉන්නේ මේ වේදිකාවේ. මේ වෙනකොට ඒ අයට ඇමතුම් 2ක් ගානේ ලැබෙනවා.

එක ඇමතුමක් සජබ නායක සජිත් ප්‍රේමදාස ගෙන්. ඒ " එජාපයට යන්න එපා" කියන ඇමතුම. ඊළඟ ඇමතුම සජබ ගම්පහ ආසන සංවිධායක අජිත් මාන්නප්පෙරුම ගෙන්. එයා එජාපයට යන්න එපා කියන්නේ නෑ . එයා කියන්නේ " අපි යමු.. හැබැයි මං එක්ක යන්න ඉන්න " කියලා. නමුත් මේ ආපු අය පෙන්වන්නේ, රට අර්බුදයෙන් ගොඩ අරගෙන ගොඩනගන මේ යන වැඩපිළිවෙළට එකතු වෙන්න තවත් ප්‍රමාද වෙන්න බෑ කියලා . අන්න ඒ පනිවිඩය අද අපි ගම්පහ මේ ආසන බලමණ්ඩලය පිහිටුවීම සමග ලබාදෙනවා.

{gallery}gampaha-waruna{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න