ජනතාවගේ විවිධ වැඩ කර ගැනීම සඳහා ජනාධිපතිවරයා ළඟට යන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න පවසයි.
දැනට ද තමන් ජනාධිපතිවරයා හමුවී එවන් ප්‍රශ්න විසඳා ගෙන ඇති බවත් ඉදිරියට ද ජනාධිපතිවරයා හමුවන බවත් ඇය සඳහන් කළාය.
මන්ත්‍රීවරිය මේ බව සඳහන් කර සිටියේ මාතලේ ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින්ය.
නිර්පාක්ෂික ජනාධිපතිවරයකු ලෙස ජනාධිපතිවරයා හමුවීමට සෑම දෙනාටම හැකි බවත් පැවසූ රෝහිනී කුමාරි විජේරත්න මන්ත්‍රීවරිය ජනතාවගේ වැඩ කර ගත් පසු නැවතත් සමගි ජන බලවේගය පක්ෂයට පැමිණෙන බවද කියා සිටියාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
