නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී , එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපතෙහි රදවා තබා සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු එරටින් පිටුවහල් කර අද (09) උදෑසන විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
මොවුන්ගෙන් වැඩි පිරිසක් යාපනය සහ වාලච්චේන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර , ඔවුන් ඕස්ට්‍රේලියාවට බහුදින ධීවර යාත්‍රා මගින් මුහුදු තරණය කර ගමන් කර ඇති බව අනාවරණය කර ගෙන තිබේ .
මෙම පිරිස භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් තිදෙනකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙසේ පිටුවහල් කර එවූ ශ්‍රී ලාංකිකයන් සමග එරට ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් ද එම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
කටුනායක ගුවන් තොටුපළේ දී මෙම පිරිස ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ එරට ආරක්ෂක නිලධාරීන් විසින් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .
ඉන්පසුව ජාතික බුද්ධි තොරතුරු අංශය විසින් ද විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව , මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට නියමිතය .
එහිදී ඔවුන් මෙම පිරිසෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
