උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ අලුත්ම තත්ත්වය !

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ අලුත්ම තත්ත්වය !

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 පිළිතුරු පත්‍ර ඇගයීම කඩිනමින් සිදු කරගෙන යන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි .

මේ වන විට විෂයන් 12ක ඇගයීම් ආරම්භ කර තිබෙන බවද සෙසු විෂයන්ගේ ද ඇගයීම් කඩිනමින් සිදු කිරීමට කටයුතු කර තිබෙන බව ද විභාග කොමසාරිස්වරයා සඳහන් කරයි.

ඇගයීම් නිමකර කඩිනමින් ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර සිටියි.

කෙසේ වුවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ මේ දක්වාත් තමන්ට පිලිතුරු පත් පරීක්ෂාව සඳහා කැඳවීමක් කර නොමැති බවය.

එසේම ජනාධිපති සමග සාකච්ඡාවක් ඉල්ලා ඇතත් ඒ සඳහා දිනයක් ලැබී නොමැති බවත් ඔවුන් පවසයි .

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂණ කටයුතු වලින් බැහැරව සිටින්නේ බදු ගෙවීම ප්‍රතිකේෂ්ප කරමින්ය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න