පොදුරාජ්‍ය මණ්ඩල නායක හමුව : සාර්ථකව අවසන් වෙයි !

පොදුරාජ්‍ය මණ්ඩල නායක හමුව : සාර්ථකව අවසන් වෙයි !

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නායකයන් සහ තෙවන චාල්ස් රජු අතර හමුව සාර්ථකව අවසන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සියලු රටවල නායකයන් රාජාභිෂේක උළෙලට සහභාගී වන හෙයින් එම නායකයන් සහ චාල්ස් රජු අතර හමුවක් සංවිධාන කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම්වරියගෙන් ඉල්ලා තිබිණි.

ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පවසා සිටියේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ්ගෙන් මීට මසකට පමණ පෙර කරන ලද ඉල්ලීමකට අනුව මෙම හමුව පැවැත්වුණු බවය.

බ්‍රිතාන්‍ය රජ පවුලේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම රාජාභිෂේක උත්සවයට සහභාගී වෙයි.

එසේම තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබී හිදී අද (6) පැවැත්වෙයි.

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් 4 වැනිදා පෙරවරුවේ මහා බ්‍රිතාන්‍ය බලා පිටව ගියේය.

රාජාභිෂේක උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන 8 වෙනි දා පෙරවරුවේ නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න