අගමැති ධූරයේ වෙනස ගැන ඇමති ප්‍රසන්න කතා කරයි !

අගමැති ධූරයේ වෙනස ගැන ඇමති ප්‍රසන්න කතා කරයි !

අගමැති ධූරය වෙනස් කිරීමේ සුදානමක් ඇති බවට පැතිර යන කතාව අසත්‍ය බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.

අගමැති ධූරය වෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, මෙය විපක්ෂය විසින් ගොතනු ලැබු කතාවක් පමණක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ වනවිට පොහොට්ටුවේ කිසිදු බෙදීමක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරයද සාවද්‍ය බවද ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පවසයි .

එසේම අවශ්‍ය මොහොතේදී පොදුජන පෙරමුණ රට වෙනුවෙන් ගත යුතු තීන්දුව ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න