නියමිත කාලයට මැතිවරණය නොපැවැත්වීම අපරාධයක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
එය රටක නොවිය යුතු දෙයක් බව පෙන්වා දෙන මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා පවසන්නේ, ලබන අගෝස්තු මස හෝ මැතිවරණය පවත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවය.
"මොන තත්ත්වයක් උඩ හරි නියමිත කාලය ඡන්ද විමසීම පවත්වන්නේ නැති එක අපරාධයක්. ඒ වගේම කනගාටුදායක තත්ත්වයක්. රටක නොවිය යුතු දෙයක්. මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන් කොහොමද කියන එක තමා අද තියෙන ගැටලුව. ඒ හැකියාව තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවටයි, මුදල් අමාත්‍යාංශයටයි, මහ භාණ්ඩාගාරටයි එකතුවෙලා මිසක් මාධ්‍යවලටවත්, අපටවත්, රටේ සාමාන්‍ය ජනතාවටවත් නෙමෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
