රජයේ ඉඩම් අක්කර 75000ක් : දේශපාළුවන් නීති විරෝධීව අල්ලාගෙන

රජයේ ඉඩම් අක්කර 75000ක් : දේශපාළුවන් නීති විරෝධීව අල්ලාගෙන

රාජ්‍ය සතු ඉඩම් අක්කර 75,000කට අධික ප්‍රමාණයක් පසුගිය දශකයකට ආසන්න කාලය තුළ දේශපාලනඥයින් විසින් නීති විරෝධීව අත්පත් කරගෙන භුක්ති විඳිමින් සිටින බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට සිය හිතවතුන්ට ව්‍යාපාරික ස්ථාන සහ හෝටල් ඉදිකිරීමට, නිවාස ඉදිකිරීමට සහ විවිධ ව්‍යාපෘති සඳහා මෙම ඉඩම් දේශපාලනඥයින් ලබාදී ඇති නමුත් ඒ සියල්ල පාහේ සිදුව ඇත්තේ නෛතික ක්‍රියාවලියකට අනුව නොවේය.

මේ ආකාරයට දේශපාලනඥයින් අත්කරගෙන තිබෙන ඉඩම් අතර දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අක්කර 1000ක් පමණ, ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් කොලොන්නාව සහ සපුගස්කන්දේ පිහිටි ඉඩම් අක්කර 5ක් පමණ සහ මහනුවර රක්ෂිත ප්‍රදේශ ආශ්‍රිතව ඉඩම් අක්කර 200 කට අධික ප්‍රමාණයක්, විල්පත්තු රක්ෂිතයේ ඉඩම් අක්කර 600 කට අධික ප්‍රමාණයක් සහ යාල - සිංහරාජ යන අභයභූමි ආශ්‍රිතව ඉඩම් අක්කර 20 කට ප්‍රමාණයක් ඇතුළත් බවද දැනගන්නට ඇත.

එසේම මෙසේ නීති විරෝධීව අල්ලාගත් ඉඩම් සම්බන්ධව අදාළ රාජ්‍ය ආයතන සතුව පවා නිවැරදි දත්ත පවා නොමැති බවත් ඇතැම් ඉඩම් සඳහා මේ වන විටත් පත්තිරු සහ ඔප්පු ව්‍යාජ ලෙස සකස්කර තිබෙන බවද වාර්තා වෙයි.

කෙසේ නමුත් ඉදිරියේ යෝජිතව තිබෙන ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී මේ සම්බන්ධව විධිමත් පියවර ගැනීමට නියමිත බවද රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න