ලෝක ළමා දිනයදා නර්තනයක යෙදුණු මීගමුව, කදිරාන කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරිය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශ්‍රී ලාල් නෝනිස් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
සමාජ මාධ්‍යවල පළවූ එම වීඩියෝව ගුරු සිසු සහභාගීත්වයෙන් සිදුවූ සාමූහික ක්‍රියාකාරකමක් බව ද අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා අමාත්‍යාංශයට දැනුම්දී ඇත.
කෙසේ වුවත් මීට පෙර අදාළ ගුරුවරිය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තා වීම සමග සමාජ මාධ්‍ය තුළ ඊට බරපතළ විරෝධයක් මතුවිය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
