ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීය.
ඒ පාකිස්තානයට එරෙහිව පැවැති දෙවන අවසන් පූර්ව තරගය එක ලකුණකින් ජයගැනීම හරහා ය.
ඒ අනුව කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව වසර 14කට පසුව පිවිසීමට අවස්ථාව උදා කර ගෙන තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 122ක් රැස්කරගැනීමට සමත්විය.
පාකිස්තානු පිලට ලබා ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 121ක් පමණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
