අයෝමාට තර්ජනාත්මක ඇමතුම්දුන් පුද්ගලයාට වැඩ වරදියි !

අයෝමාට තර්ජනාත්මක ඇමතුම්දුන් පුද්ගලයාට වැඩ වරදියි !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිය වන අයෝමා රාජපක්ෂට තර්ජනාත්මක ඇමතුම් ලබාදෙමින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගැනීමට තැත්කළැයි අත්අඩංගුවට ගත් කරණවෑමියකු පොලිස් ඇප මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත .

මෙලෙස ඇප මත මුදාහැරුණේ ලක්සද සෙවන, සාලමුල්ල, කොළොන්නාව පදිංචි ගනේෂන් ජෙගන් නැමැති කරණවෑමියෙකි.

හිටපු ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ ගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාරගේ පැමිණීල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර සැකකරු අත්අඩංගුවට ගත් බව ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කේ. සේනාරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

තමන්ට වෙනත් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 4ක මුදලක් ලැබීමට ඇති අතර එය ලබාගැනීම සදහා දුරකතන අංකය අනුමාන කරමින් මෙම ඇමතුම ලබා ගත් බව සැකකරු අධිකරණය හමුවේ සදහන් කර ඇත.

සැකකරුගේ මෙම ප්‍රකාශයන් පරස්පර බැවින් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

නඩුව ලබන මස 06 වැසිදා තෙක් කල් තැබිණී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න