ගමේ එක්සත් ජාතික පාක්‍ෂිකයාගේ පරම බලාපොරොත්තුව ඉටු කරන ආකාරයේ ප්‍රතිසංවිධානයක් කල යුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.
අර මණ්ඩල මේ මණ්ඩල, අර කමිටුව මේ කමිටුව ආදී ඇස්බැන්දුම් නොව පක්‍ෂය දිනවිය හැකි ආකාරයේ දැනෙන ප්‍රතිසංවිධානයක් කල යුතු යයිද ඔහු සදහන් කරයි.
වීඩියෝ
මේ අතර මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මෙසේ පැවසිය.
''අපි යෝජනා කරපු විදිහට අප සැලසුම් කරපු විදිහට නායකත්වය පොරොන්දු වුණ විදිහට කරාවි කියන දැඩි විශ්වාසය තියෙනවා. සමහර වෙලාවට මේ විශ්වාසභංගය දිනා ගැනීම වෙනුවෙන් අපට යම් පොරොන්දුවක් දීලා ඉන් පස්සේ එසේ නොකරනවා කියලා ඉන්නවනම් එක්සත් ජාතික පක්ෂ නායක්වයට අපි ඇගිලි දික් කරලා කියනවා එහෙම කරන්න එපා එහෙම කරන්න ඉඩ තියෙන්නේ නෑ මොකද අපිට අපේ පාක්ෂිකය පිළිබද හිතන්න වෙනවා.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
