ප්‍රවීන ලේඛිකා රූපා මාලති සපරමාදු අද (8) උදැසන අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඇය 85 හැවිරිදි වියේ පසුවිය.
රූපා මාලති සපරමාදු, දිවංගත ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහයන්ගේ වැඩිමහල් දියණිය වේ.
මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ සාමාජිකාවක් වන ඇය පොත් පත් රාශියක් රචනා කල තැනැත්තියකි.
ඇය තිසර ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ද වේ.
සපරමාදු මහත්මියගේ දේහය අංක 11, පැපිලියාන මාවත, පැපිලියාන, කොහුවල පිහිටි ඇයගේ නිවසේ තැම්පත්කර ඇති අතර අවමංගල්‍ය උත්සවය පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීහු පවසති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
