අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබූ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ජන්දය ලබාදිය යුතු බවට එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත්කර තිබූ ඉරි තුනේ නියෝගයට පිටුපා එදින ජන්ද විමසීමේ අවස්ථාව වර්ජනය කිරීම හේතුවෙන් අතුරලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසිවන තත්ත්වයක් මතුව ඇත.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායේ එන මෙම ඉරි තුනේ නියෝගයෙන් කියවෙන්නේ එම නියෝගයට අනුව අදාළ මන්ත්‍රීවරුන් කටයුතු කලයුතු බවත් නැතහොත් නියෝගයට පිටුපෑම සම්බන්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අදාලව එම ලියවිල්ල සාක්ෂියක් වන බවය.
මෙම ඉරි තුනේ නියෝගය එක්සත් ජාතික පෙරමුණේ සියළු පාර්ලිමේන්තු නියෝජිතයන්ට ලියාපදිංචි තැපෑලෙන් නිකුත් කරන්නට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් යොමුකර තිබු අතර ඒ අප්‍රේල් 03 වනදා ය.
ඒ අනුව මේ වන විට අදාළ නියෝගයට පිටුපෑම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කිරීමට අවශ්‍ය නීති ක්‍රියාමාර්ග සූදානම් කරන ලෙස එජාප නායකත්වය නීති අංශ දැනුවත් කර තිබෙන බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
