QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (23)සිට සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පිරවුම්හල් 25 ක ක්‍රියාත්මක බව බලශක්ති අමාත්‍යාංශය පවසයි .
පසුගිය 21 වනදා සිට QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතිය සිදුකෙරුණේ කොළඹ තෝරාගත් පිරවුම්හල් කිහිපයකදී පමණය.
එහෙත් ලබන සඳුදා සිට QR කේතය මත පදනම්ව දිවයින පුරා ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරන බැවින් මෙලෙස අද දිනයේ නියමු ව්‍යාපෘතිය සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි ක්‍රියාත්මකවන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍යංශය සඳහන් කරන ආකාරයට QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කෙරෙන නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක ඉන්ධන හල් ලැයිස්තුව මේ වන විට ප්‍රසිද්ධ කර ඇත .
අදාළ ඉන්ධන හල් ලැයිස්තුව පහත දැක්වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
