අරගල බිමට හදිසියේ පැන්නේ : බුද්ධි වාර්තාවක් නිසා !

අරගල බිමට හදිසියේ පැන්නේ : බුද්ධි වාර්තාවක් නිසා !

අරගලකරුවන් ජනාධිපති කාර්යාලයේ තිබූ රාජ්‍ය ලිපි ලේඛන සියල්ල අද දහවල් වනවිට රහසිගතව පිට කිරීමට සූදානම් වන බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබුණ බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති කාර්යාලයේ සිටි කණ්ඩායම් වලට අද පෙරවරු 6.00 වන විට ඉවත් වෙන ලෙස ආරක්ෂක අංශ දැනුම් දී තිබුණත් ඔවුන් පස්වරු 2 දක්වා කාලය ඉල්ලා තිබූ බවත් ආරක්ෂක අංශ ඊට එකඟව සිටි බවත් කියති.

නමුත් රජයේ බුද්ධි අංශ පසුව වාර්තා කර ඇත්තේ අද දහවල් වන විට ජනාධිපති කාර්යාලය අසලට සෙනග ගෙන්වා කළ කලකෝලාහල ඇති කිරීමට අරගලයේ යෙදෙන පිරිස් සූදානම්ව සිට ඇති බවයි.

ජනාධිපති කාර්යාලයේ මෙන්ම රාජ්‍ය ලේඛන වල ආරක්ෂාව සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ අනවසරයෙන් රැඳී සිටි පිරිස ඉවත් කිරීමට පියවර ගත් බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

- the leader .lk

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න