අගමැති මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති වෙත යොමුකර ඇති බව ආණ්ඩුව හිතවාදී මාධ්‍ය ජාල වාර්තා කරයි.
අදාළ ඉල්ලා අස්වීම ජනාධිපති වෙත යොමුකිරීම අද (08) අගමැති ගේ අනුරාධපුර වන්දනාවෙන් පසුව සිදුවූ බවත් එම මාධ්‍ය වාර්තාවල දැක්වෙයි .
මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ අගමැති ගේ පෞද්ගලික කාර්‍ය මණ්ඩල සිය ලිපිගොනු සහ බඩු භාණ්ඩ ඉවත් කරන්නට කටයුතු කරමින් සිටින බවයි.
කෙසේ වුවත් අගමැති ප්‍රමුඛ මහින්ද - බැසිල් පාර්ශ්වය නියෝජනය කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ආණ්ඩුව හිතවාදී මාධ්‍යවල මේ වෙනස් කම් සම්බන්ධයෙන් විරෝධය එල්ල කරමින් සිටියි.
එසේම අරලිය ගහ මන්දිරය අසල විරෝධතා පවත්වන "මයිනාගෝගම " ද වෙනදාට වඩා වැඩි පිරිසක් රැස්ව ඇති බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
