පොදුජන අරගලය සම්බන්ධයෙන් පොලිසිය යම් අධිකරණ නියෝගයක් ගැනීමට කටයුතු කරන්නේ නම් ඊට අදාළ සෙසු පාර්ශ්වයන්ගෙන් ද කරුණු විමසීමක් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් සිදුකර ඇත .
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඉදිරියේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රමුඛ නීතිඥවරුන් කණ්ඩායමක් අද (06) මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත .
පොලිසිය විසින් මෙවැනි නියෝග ඒක පාර්ශ්විකව ලබාගැනීමට කටයුතු කරන ආකාරයක් තමන්ට පෙනී යන බව සඳහන් කර ඇති ජනාධිපති නීතිඥවරයා එය වැරදි ක්‍රියාවක් බවත් පවසා ඇත .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
