Image

සාකච්ඡා කරලා ගේමු : විශ්වාසභංගයට ශ්‍රීලනිපයෙන් කොළ එළියක් !

සාකච්ඡා කරලා ගේමු : විශ්වාසභංගයට ශ්‍රීලනිපයෙන් කොළ එළියක් !

ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනා අත්සන් කිරීමට පෙර එම යෝජනාවට ඇතුළත් කෙරෙන කරුණු පිළිබඳව පක්ෂ සමඟ සාකච්ඡා කළයුතු වන බව ශ්‍රී ලංකා මානව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

එසේ නොමැතිව හිස් කොළවලට අත්සන් තැබීමට සූදානමක් නැති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ අදහස් දක්වා ඇත්තේ නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සිදුකළ අදහස් විමසීමකට ප්‍රතිචාර දක්වමින් ය.

එහිදී ඔහු ඒ සම්බන්ධයෙන් පවසා ඇත්තේ එකම කුට්ටම ඇනීමෙන් පමණක් ප්‍රශ්නය නොවිසඳෙන බවය.

රටේ ජනතාව ඇමති මණ්ඩල මෙලෙස පත් කිරීම පිළිනොගන්නා බවද ඔහු සඳහන් කර ඇත.

සජබ විශ්වාසභංගයට හොඳ අවස්ථාවක් !

විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජනබලවේගය ට මෙහිදී හොඳ අවස්ථාවක් හිමිව ඇත.

ඒ මහ ලේකම් ගේ මේ විවෘත අදහස් දැක්වීම පදනම් කරගෙන විශ්වාසභංග යෝජනාව වෙත ශ්‍රීලනිප ඇතුළු ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සහය ගැනීමට ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න