අධි බාර බද්දට රනිල් විරුද්ධයි !

අධි බාර බද්දට රනිල් විරුද්ධයි !

අධි බාර බද්ද ඉවත් කර ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

2017 වසරේ ගෙනා පනතට මෙි පනත සම්බන්ධ නොකළ යුතු බවත් මෙය ආදායම් බද්දක් නොව අධිභාරයක් වන හෙයින් එය බලපාන්නේ කාටදැයි පැවසිය යුතු බවත් එහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේය.

"මා එක කාරණයක් ගැන කියන්න කැමතියි. 2017 පනතේ තිබෙන්නේ දේශීය ආදායම්.ඒ කියන්නේ ආදායම් බදු.මෙතන කියන්නේ "ස චාර්ජ් ටැක්ස් .බදු දාන්නෙ කාටද කියන එක පැහැදිලිව සඳහන් කරන්න තිබුණා.එවේලේ පැහැදිලි කළේ නැතිනම් දැන් සංශෝධන ගේන්න.මෙය 2017 පනතට සම්බන්ධ කරන්න එපා.මේ ආදායම් බද්දක් නෙමෙයි. අධිභාරයක්. අධිභාරය බලපාන්නේ කාටද ?එය තැන්පතු වලට බලපාන්නෙ නෑ කියන එක එවෙිලේ කියන්න තිබුණා"

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න