Language Switcher

V2025

ජනවාරියේ උද්ධමනය කප් ගහයි !

මෙරට උද්ධමනය ජනවාරි මාසය තුළ යළිත් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත තහවුරු කරයි.

ඒ අනුව ජනවාරි මාසයේ උද්ධමනය සියයට 14.2 කි.

ජනවාරි මාසයේ වාර්තා වූ උද්ධමනය සැලකෙන්නේ මෙරට ඉතිහාසයේ වැඩිම උද්ධමනය ලෙසයි. මීට පෙර මෙරට ඉතිහාසයේ වැඩිම උද්ධමනයක් වාර්තා වී තිබුණේ 2009 ජනවාරි මාසයේ වන අතර එය සියයට 10.4 ක් ලෙස සටහන්ව ඇත.

කෙසේ වුවත් 2021 දෙසැම්බර් මාසයේ උද්ධමනය සටහන් වූයේ සියයට 12.1 ක් ලෙසය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත සඳහන් කරන ආකාරයට ඉකුත් ජනවාරි මාසය තුළ ආහාර කාණ්ඩයේ සහ ආහාර නොවන කාණ්ඩයේ ද උද්ධමනය ඉහළ ගොස් ඇත. දෙසැම්බර් මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 22.1 ක් වූ අතර ජනවාරි මාසයේ දී එය සියයට 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සියයට 7.5ක්ව පැවති දෙසැම්බර් මාසයේ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජනවාරි මාසයේදී ඉහළ ගොස් ඇත්තේ සියයට 9.2 දක්වායි. ජනවාරි මාසය තුළ සහල්, පළතුරු, කිරිපිටි සහ පාන් මිල ඉහළ යාම උද්ධමනය ඉහළ යාමට හේතුව බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.