වගා හානි වන්දි වී සඳහා පමණයි - මහින්දානන්ද

වගා හානි වන්දි වී සඳහා පමණයි - මහින්දානන්ද

මෙවර මහ කන්නයේදී රසායනික පොහොර ආනයනය කිරීමට නොහැකි වූ බවද පොහොර නොමැතිවීමෙන් හානී වූ වගාවන්ගෙන් මෙවර මහ කන්නයේදී වන්දි ගෙවනු ලබන්නේ වී වගාව සඳහා පමණක් යැයිද කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් සිදුකළ විමසීමකදීය.

“රසායනික පොහොර ගේන්න උනන්දුවක් නැත්තම් වෙන මොනවත් ගේන්න උනන්දු වෙන්නෙත් නැහැ. ඒකට තමයි වැඩිම උනන්දුව. මේ මහකන්නයට රසායනික පොහොර ගේන්න කොහොමත් වෙලාවක් නැහැ. ඊළඟ යලට තමයි පොහොර ගේන්නේ. මේකට රජයත් වගකියන්න ඕනේ. රජය මේක අරගෙන ගියේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙනුවෙන් පෙනීසිටියේ නැහැ. පරිසර අමාත්‍යාංශය මේ වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. ජනාධිපති කාර්යසාධක බළකායක් පත්කළා. ඒ කවුරුත් වැඩකළේ නැහැ. අන්තිමට කෘෂිකර්ම ඇමති වන මට තනියම මේක ඇදගෙන යන්න වුණා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න