දෙල් ගෙඩියක් රුපියල් 300 ක් වැනි ඉහල මිලකට අම්බලන්ගොඩ සතිපොළේ අලෙවි වූ බව එහි සිටි පාරිභෝගිකයන් පැවසූ බව ආණ්ඩුව හිතවාදී සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.
අදාළ පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
පොහොර කිසිවක් නො දමමින් ස්වභාවිකවම හැදෙන දෙල් ගෙඩියක් මෙතරම් ඉහළ මිලකට අලෙවි කරන්නේ මන්දැයි පාරිභෝගිකයන් විමතිය පළ කරති.
දෙල් පමණක් නොව කොස් බතල ආදියද මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ජනතාව කියා සිටිති.
මේ අතර අමුමිරිස් කිලෝවක් රුපියල් 1000-1200 මිල දක්වා ඉහළ ගොස් තිබේ.
එළවළු මිල දරා ගත නොහැකි ලෙස දිගින් දිගටම ඉහළ යමින් පවතින බව ජනතාව කියා සිටිති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
