ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමත කරන ගෑස් සිලින්ඩර් පමණක් වෙළෙඳ පොළට නිකුත් කරන ලෙස ගෑස් සමාගම්වලට අභියාචනාධිකරණය අද නියෝග කළේ ය.
ප්‍රමිතීන්ට අනුකූල නොවන අයුරින් වෙළඳපොළට නිකුත් කර ඇති ගෘහස්ත ගෑස් සිලින්ඩර නැවත එකතු කර ගැනීමට කටයුතු කරන ලෙස ද අභියාචනාධිකරණය ගෑස් සමාගම් වෙත කළ අතුරු තහනම් නියෝග මගින් පෙන්වා දුන්නේ ය.
වෙළඳපොළේ හා පාරිභෝගිකයන් වෙත නිකුත් කර ඇති ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙනුවට ප්‍රමිති අනුකූල නව ගෑස් සිලින්ඩර ලබා දීමේදී ගාස්තු අය නොකරන ලෙසට ද අභියාචනාධිකරණය ගෑස් සමාගම් දෙකට නියෝග කළේ ය.
නාගානන්ද කොඩිතුවක්කු ගොනු කර ඇති මෙම රීට් පෙත්සම රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේ මෙම නියෝග නිකුත් කෙරිණ.
රීට් පෙත්සම වැඩිදුරටත් සලකා බැලීම ලබන ජනවාරි 26 වෙනිදාට කල් තැබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
