වැලිකඩ ඝාතනය විමර්ශනය කළ ත්‍රී පුද්ගල වාර්තාව අගමැති ළඟ හිරවෙලා

වැලිකඩ ඝාතනය විමර්ශනය කළ ත්‍රී පුද්ගල වාර්තාව අගමැති ළඟ හිරවෙලා

වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ඝාතනය සම්බන්ධව විමර්ෂණය කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදී ඇතත් එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් එහි පිටපත් මේ වන තුරු අදාළ අංශ වෙත නිකුත් කර නොමැති බව වාර්තා වෙයි.

වැලිකඩ ඝාතනයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛ පොරොන්දුවක් වූ අතර ඒ නිසාම 2015 ජනවාරි 22 වනදා එවකට අධිකරණ අමාත්‍යවරයා වූ විජයදාස රාජපක්ෂ මහතා විසින් වැලිකඩ ගැටුම පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන ලදී.

ඒ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුතු වූ එම කමිටුවේ අනෙක් සාමාජිකයන් දෙදෙනා වුයේ විශ්‍රාමලත් පරිපාලන නිලධාරී නීතිඥ එස්.කේ. ලියනගේ සහ විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක යන අයය.

ඔවුන් විසින් සිදුකළ විමර්ශනය අවසානයේ පිටු 600 කට ආසන්න ප්‍රමාණයේ වාර්තාවක් අග්‍රාමාත්‍යවරයාට ලබාදුන් අතර ඒ 2015 වසරේ ජුනි 9 වනදා ය.

එහෙත් මේ වන විට වාර්තා වන්නේ අදාළ කමිටු වාර්තාවේ පිටපත් නීතිපති දෙපාර්තමේන්තුවට හෝ පොලිස් දෙපාර්තමේන්තුවට ලැබී නොමැති බවය.

මානව හිමිකම් කොමිසමටත් පිටපතක් ගන්න බැරි වෙලා

මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමද වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් සකස් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ලබා දෙන්නැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් සහ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සති 3ක කාලයක් ගතවී ඇතත් ඊට මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.

පොලිස් - නීතිපති දෙපාර්තමේන්තු තොරතුරු නිලධාරීන් නිහඬයි

Wlikada protest 12 Sep 17තොරතුරු දැනගැනීමේ පනත යටතේ යම් තොරතුරක් ඉල්ලා දින 14ක් තුළ ඊට ප්‍රතිචාර දැක්විය යුතු අතර ඉල්ලා තිබෙන තොරතුරු බැරෑරුම් නම් එම කාලසීමාව දින 21 දක්වා දීර්ඝ කරගත හැකි ය. එහෙත් ඉන් අනතුරුවත් අදාළ තොරතුරු ලබා නොදෙන්නේ නම්, ඊට බලපෑ හේතු ද අදාළ පාර්ශවයට දැනුම් දීම, අදාළ ආයතන නියෝජනය කරන තොරතුරු නිලධාරියාගේ වගකීමකි.

2012 වසරේ නොවැම්බර් මස 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ගැටුමින් රැදවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලැබූ රැඳවියන් සංඛ්‍යාව 20 කි.

එය හඳුනාගත් පිරිසක් ඝාතනය කිරීමේ අරමුණින් සැලසුම් කළ එකක් බව මාධ්‍ය විසින් අනාවරණය කර තිබූ අතර මානව හිමිකම් කොමිසම අදාළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ පිටපතක්ද ඉල්ලා ඇත්තේ ඔවුන්ට ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීම සඳහාය. එහෙත් ගැටළුව වී ඇත්තේ මානව හිමිකම් කොමිසමේ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝණය වීමට තරම් වැඩකටයුතු සිදුව තිබීමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න