සිකුරාදා තෙක් කල් දෙයි : නැත්නම් රජයේ වැඩේ වෘත්තීය සමිති කරයි !

සිකුරාදා තෙක් කල් දෙයි : නැත්නම්  රජයේ වැඩේ වෘත්තීය සමිති කරයි !

රජය විසින් රට ලොක් ඩවුන් නොකරන්නේනම්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස දින 14ක ලොක් ඩවුන් කිරීමේ වැඩ වර්ජනයකට වෘත්තීය සමිති සූදානම් වන බව වාර්තා වෙයි.
 
ඊයේ  (17) සවස පුංචි බොරැල්ල රජයේ හෙද නිළධාරීන්ගෙන් සංගම් ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ඒකාබද්ධව එම තීන්දුව ප්‍රකාශයට පත්කෙරින.
 
එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ සම කැදවුම්කරු රවී කුමුදේශ් පැවසුයේ, බාගෙට ප්‍රතිශක්තිය හදා ගත්තු මහ ජනතාව, අනවශ්‍ය නිරාවරණයකට ලක් කර ඇති බවයි.
 
"ශ්‍රී ලාංකේය කොවිඩ් ප්‍රභේධය" නිර්මාණය කරන තුරු බලා නොඉද, ආණ්ඩුව ලොක් ඩවුන් නොකරන්නේනම්, වෘත්තීය සමිති ඒකාබද්ද ලොක් ඩවුන් කිරීමක් සදහා සියළු වෘත්තීය සමිති සූදානම් බව ඔහු එහිදී සඳහන් කළේය.
 
සිකුරාදා වන විට රජය රට වැසීමක් සිදු නොකලහොත්, සදුදා සිට වෘත්තිය සමිති ලොක් ඩවුන් කිරීමකට සියල්ල සූදානම් බව අවදාරණය කර සිටි වෘත්තීය සමිති නියෝජිතයින්, විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමක් යටතේ කලයුතු වැඩ පිළිවලක් සදහාද බල කෙරිණ.
 
ඊට අදාළ  යෝජනා මෙසේය.
 
1. දින 10ක විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමක් සිදු කරන්න
 
2. අවම වශයෙන් එම කාළය තුල කොවිඩ් PCR, රැපිඩ් PCR, ක්ෂණික ප්‍රතිපාදන ජනක ඇතුළු කොවිඩ් පරීක්ෂණ ලක්ෂයක් සිදු කරන්න
 
3.ආසාදිතයින් වෙන් කරන්න.
සාමාන්‍ය රෝග ලක්ෂණ සදහා නිවසේ ප්‍රතිකාර සැලසුම් කරන්න
 
 4. රෝග ලක්ෂණ සහිත අතර මැදි ප්‍රතිකාර අවශ්‍ය අය සදහා ඇදන් ලක්ෂයක අතරමැදි මධ්‍යස්ථාන සූදානම් කරන්න
 
 5. අත්‍යවශ්‍ය ප්‍රතිකාර සදහා ඇදන් 10000ක් වෙන්කර තබන්න
 
 6.විද්‍යාත්මක ආවේක්ෂණයක් හරහා රෝගය නිවැරදිව පුරෝකථණය කිරීම සැලසුම්.කරන්න
 
 7. එම කාලය තුල සංචාරකයින් ගෙන්වීම වලක්වන්න.
 
 8.සියළු විදේශ වල සිට පැමිණෙන ආගමනිකයින්ගේ ප්‍රභේද පිළිබද සැලකිලිමත් වන්න
 
 9. ලොක් ඩවුන් කාලය තුල ජන අවශ්‍යතා පිළිබදව රජයේ වගකීම ඉටු කරන්න
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න