රට පාලනය කරන්න බුකියට පුළුවන් නම් ආණ්ඩුවක් මොකටද - වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්

රට පාලනය කරන්න බුකියට පුළුවන් නම් ආණ්ඩුවක් මොකටද - වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්

රට පාලනය කිරීමට ෆේස්බුක් වලට අකියාව ඇත්නම් ආණ්ඩුවේ සහ නීතියේ කාර්ය කුමක්ද යන්න වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය වගකිව යුත්තන් වෙතින් ප්‍රශ්න කර සිටියි.

"මෙය මාධ්‍ය වාරණයක් - පැය 72 ත් අවසන්" තේමාව යටතේ සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (13) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් මේසේ ප්‍රශ්න කරනු ලැබිණ.
එසේම එහිදී අවධාරණය වුයේ ඩිජිටල් අමාත්‍යවරයා සිය අමාත්‍ය ධුරයේ වැඩ නිසිලෙස දැනුවත් නොමැති බවත් සිකුරාදා දිනය වන විට වාරණය ඉවත්කරන බවට නිවේදනය කළත් ඒ සඳහා ආණ්ඩුවට අවංක අපේක්ෂාවක් නොමැති බවය.

මෙහිදී වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ, ලේකම් කැළුම් ශිවන්ත, විධායක කමිටු සාමාජිකයන් වන ප්‍රබෝධ රත්නායක, විමුක්ති දුෂාන්ත, කනිෂ්ක රාජකරුණා, නුවන් හෙට්ටිආරච්චි යන අය අදහස් දැක්වීය.

ජාතිවාදයට එරෙහිව අපරාධ නීතියෙන් දඬුවම් කරන්න - ප්‍රබෝධ

prabodha"මාධ්‍යවේදීන් හැටියට සියළු දෙනාම දන්නවා භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය කොච්චර වටිනවද කියන එක. එය එක්තරා විදිහකට අනෙක් සියළුම අනෙක් සියළුම අයිතිවාසිකම් වල පදනම විදිහට එහෙමත් නැත්නම් instrumental rights එකක් ලෙස උපකාරක නීතියක් කියලා. මොකද මිනිසුන්ගේ අනිත් අයිතිවාසිකම් රැකෙන්නේ සහ ආරක්ෂා වෙන්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිවාසිකම් තිබුණොත්.

උදාහරණයක් ලෙස යම් ඝාතනයක් සිද්ධ වෙනවා නම් එහෙමත් නැත්නම් ආහාර හිඟයක් තියනවා නම් මේ සියළු දෙයෙහි තොරතුරු මිනිසුන්ට එන්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස තිබුණොත්.

ඒ වගේම භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ජාත්‍යන්තරව මෙන්ම දේශීය නීතිය තුලත් නීතියෙන් තහවුරු කර තිබෙනවා. ජාත්‍යන්තරව ගත්තොත් මානව හිමිකම් විශ්ව ප්‍රඥප්තිය, එවගේම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ ඉතා පැහැදිළිව දක්වා තිබෙනවා. ඊට අමතරව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගත්තොත් 14 'එක' වගන්තියේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය තහවුරු කර තිබෙනවා. මෙන්න මේ අයිතියට තමයි ප්‍රධාන තර්ජනය එල්ල වෙලා තියෙන්නේ.

එසේම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ගැටුම් පවතින විට ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලියුම් දෙකක් යැව්වා. ඒ ලියුම් දෙකේ තියනවා මේ වාර්ගික ගැටුම් පාලනයට මොකක්ද කරන්න ඕන කියලා. ලංකාවේ පනත් දෙකක් තියනවා 2007 අංක 56 සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් පනත සහ දණ්ඩ නීති සංග්‍රහය. මේ දෙක උපයෝගී කරගෙන ලංකාවේ ඕනෑම වෛරී සහ ප්‍රචණ්ඩ ප්‍රකාශන අපරාධ වරදක් බවට පත්කරලා පාලනය කරන්න පුළුවන්. මෙන්න මේක කරන්නේ නැතුව සාමාජ මාධ්‍ය පාලනය කරන්න යාම තමයි අපට තියන ගැටළුව."

අපි බලාපොරොත්තුවූ වෙනස මෙය නොවෙයි - ෆ්‍රෙඩී

Capturedfඅපි ඉතාම දුෂ්කර වකවානුවක රටේ යහපත් වෙනසක් කරන්න මැදිහත්වූ කණ්ඩායමක්. එහිදී අපි බලාපොරොත්තු වුණේ මාධ්‍ය නිදහස සහිත යහපත් වෙනසක් ඇති කරන්න. ඒ තුල අපි ඉල්ලා සිටියා මේ රට තුල online media වල නිදහස තහවුරු කරන්න කියා. නමුත් අවාසනාවකට අර කතාවක් තියනවා වලං කාරයාගේ අවුරුද්දක වැඩ පොලු කාරයට එක දවසයි කියලා. අද ආණ්ඩුව ගත්ත මේ වැඩෙත් එහෙම තමයි.

ඇමති හරීන් කියන විදිහේ ෆේස්බුක් ලෝකයේ නෑ - කැළුම්

මේ දැන් ඇතිවෙලා තිබෙන තත්ත්වය ගැන කතා කිරීමේදී අපට මුලින්ම කතා කරන්නCaptureas වෙන්නේ මේ රජයේ හැසිරීම ගැන. එක කාරණයක් තමයි, අමාත්‍යවරයාගේ හැසිරීම. හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ලෙස සිටියදී එතුමාගේ අමාත්යංශයට සම්බන්ධව එතුමාට පැවරිලා තිබෙන වැඩේ මොකක්ද කියන එක හරියට දන්නවද කියන ප්‍රශ්නය තියනවා. ඒ ප්‍රශ්නය මතුවෙන්නේ මෙන්න මේ කාරනා නිසයි.

එකක් තමයි එතුමා කියනවා, ජාතිවාදී, නැත්නම් සමාජයට වින කරන ආකාරයේ සාමජයේ ගැටුම් අවුළුවන ආකාරයේ පෝස්ට් ෆේස්බුක් එක හරියට කියවලා අයින් නොකළ නිසා ෆේස්බුක් එක දැනට තහනම් කරමින් ඇති බව. ඊට උත්තරයක් ලැබුණාම එය විවෘත කරනවා කියලා. එහෙම කියවන ෆේස්බුක් ලෝකයේ නෑ. කෘතීම බුද්ධියෙන් එය ක්‍රියා කරන්නේ. ඒ නිසා මේ සිංහලෙන් කියවන පිරිසක් කියාගෙන මේ කරන වැඩේම බොරුවක්.

වාරණය ඉවත් කරන්න ආණ්ඩුවට අවංක අපේක්ෂාවක් නෑ - විමුක්ති

vimukthiවිශේෂයෙන් මුලින්ම කියන්න ඕන අද හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කර තියනවා මාධ්‍ය වෙත සිකුරාදා වන විට මේ අවහිරය අවත කරනවා කියලා. නමුත් මේ ආණ්ඩුව මේ වාරණය පනවන කොට කිව්වේ පැය 72න එය අවසන් කරනවා කියලා. ඒ වගේම ඊයේ දිනයේ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාම එක්තරා මාධ්‍යකට ප්‍රකාශයක් ලබාදෙමින් කිව්වා ඊයේ රාත්‍රියේ මේ අවහිරතාව ඉවත් කරනවා කියලා. නමුත් සිකුරාදා කියල දිනයක් දාලා මේ වාරණයට එරෙහිව නැගෙන විරෝධය යටපත් කරන්න මිනිස්සු රවට්ටන්නද හදන්නේ කියන ප්‍රශ්නය අපි ආණ්ඩුවෙන් අහනවා.

ඒ වගේම අපි ජනතාවට කියනවා මේ සිකුරාදා කියන දිනය දාගත්තේ මේ වරණයට එල්ලවී ඇති විරෝධය වලක්වන්න මිසක් මොවුන්ට ඇත්තටම අවශ්‍යතාවක් නෑ මේ වාරණය නවත්තන්න. මෙයාලට උවමනා වෙලා තියෙන්නේ ජනතාව තොරතුරු දැනගන්න එක වළක්වන්න. අපි එය පැහැදිළිව කියනවා. ආණ්ඩුව ජාතිවාදය මේ නිසා ඇතිවෙනවා, ළමයි මේ නිසා නැතිවෙනවා කිව්වට ඒක ආණ්ඩුව විසින් නිර්මාණය කල බොරුවක්. මෙය හොඳ අතට හසුරවන්න පුළුවන්. ජාතිවාදයට විරුද්ධව හසුරවන්න පුළුවන්. නමුත් ආණ්ඩුව ඔවුන්ගේ නොහැකියාව වහගන්න විවිධ කතා කියලා බොරු මවාපෑම් කරමින් ඉන්නවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න