අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අරමුණ හෙළිවේ

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අරමුණ හෙළිවේ

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අරමුණ හෙළිවේ  අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අරමුණ දශක ගණනාවක් තිස්සේ බහුවිධ ගැටුම් තත්ත්වයන් හේතුකොටගෙන අතුරුදහන්වූ තැනැත්තන්ගේ පවුල් අත්විඳින වේදනාවන්ට සහනයක් සැලසීම බව එම කාර්යාලය සඳහන් කරයි.

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සඳහා සාමාජිකයන් පත්කිරීමෙන් පසුව නිකුත් කරන පළමු නිවේදනයේ මේ  බව අවධාරණය කර ඇති  අතර රට පුරා ජීවත් වන අතුරුදන්වීම් නිසා විපතට පත් සියලු ජනකොටස්, ජනවර්ග, ආගම හෝ කලාපීය වශයෙන් කිසිඳු භේදයකින් තොරව සේවය ලබාදීමට තම කාර්යාලය   බැඳී සිටින බවද එහි සඳහන් කර ඇත.

ආරක්ෂක අංශ සාමාජිකයන් ගැනත් හොයනවා 

ඒ අනුව සාමාන්‍ය පුරවැසියන්, ක්‍රියාන්විතයේ දී අතුරුදන් වූ ත්‍රිවිධ  හමුදා සාමාජිකයන්, පොලිස් නිලධාරීන් හා සිවිල් ආරක්ෂක නිලධාරීන්, සටන්වලදී හෝ අන්‍යාකාරයෙන් ගැටුම්වලට අදාළව අතුරුදන් වූ දහස් ගණනක් වන තැනැත්තන් සම්බන්ධයෙන් සොයා බැලීම මෙම කාර්යාලය විසින් සිදුකිරීමට නියමිතව ඇත.

ප්‍රධාන කාර්යයන් 4ක් 

මේ අතර අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනතේ විධිවිධාන අනුව එම කාර්යාලයට කාර්යයන් 04 ක් පැවරී ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

ඒ අතුරුදන් වූ තැනැත්තන් සෙවීම, අතුරුදන්වු තැනැත්තන් සහ ඔවුන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් හා බැඳියාවන් ආරක්ෂා කිරීම, අතුරුදන් වු තැනැත්තන් හෝ ඔවුන්ගේ ඥාතීන්ට ලබාදිය හැකි සහන හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගැනීම, පුද්ගලයින් අතුරුදන්වීමේ සිද්ධීන් නැවත ඇති නොවීම සඳහා බලධාරීන්ට නිර්දේශ ඉදිරිපත් කිරීම වශයෙන් ය.

අතුරුදන්වූවන් සොයා බැලීමට අදාළ අභියෝගයන් විවිධාකාර සහ සංකීර්ණ බැවින් මෙම කාර්යාලය ස්ථිර ආයතනයක් ලෙස ස්ථාපිත කර ඇති බවත් මින් පෙර ස්ථාපිත කොමිශන් සභාවල යෝජනා සහ අත්දැකීම්ද සැලකිල්ලට ගනිමින් මෙම ආයතනය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා අතර තිරසර සාමයක් සහ සංහිඳියාව අරමුණු කරගත් රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව එම කාර්යාලයේ වැඩ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න