කලහයට මහසොහොන් ලොක්කා කැඳවුයේ කව්දැයි හෙළිවේ (වීඩියෝ)

කලහයට මහසොහොන් ලොක්කා කැඳවුයේ කව්දැයි හෙළිවේ (වීඩියෝ)

මහනුවර කලහයට මහසොහොන් බලකායේ ලොක්කා කැඳවුයේ කව්දැයි ඔහුගේ බිරිද හෙලි කර සිටියි.

''නුවර ඞී.අයි.ජී. මහත්තය තමයි අමිත් වීරසිංහ ඔයා මේ වෙලාවෙ පොඞ්ඩක් මෙතනට එන්න කියල ප්‍රශ්නයකට  පැටලෙවුවෙ කියල මං තරයේ කියා සිටිනවා’ යයි ඇය කියා සිටියය. 

මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් මහසොහොන් බලකායේ ප්‍රධානි අමිත්ත වීරසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කරනු ලැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය එබව සඳහන් කළාය .

‘මගෙ මහත්තය අමිත්ත වීරසිංහ මේ වෙනකොට ත්‍රස්තවාදී විමර්ෂණ ඒකකයෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. කාටවත් හානියක් වෙන දේවල් එයා කවදායත් කියලවත් කරලවත් නෑ. කඩවල් පල්ලි ගිනි තියන්න කියල සමාජය දැනුවත් කරල නෑ. මේගැන පොලිසියට පැමිණිල්ලක් කලා පොලිසිය පැමිණිල්ල ලියා ගත්තෙ නෑ. '' ඇය එහිදී පැවසුවාය. 

වීඩියෝ 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න