ජාතිවාදී ප්‍රවණතා මර්දනයට : සෑම දිස්ත්‍රික්කයකම ආරක්ෂක කමිටුවක්

ජාතිවාදී ප්‍රවණතා මර්දනයට : සෑම දිස්ත්‍රික්කයකම ආරක්ෂක කමිටුවක්

සෑම දිස්ත්‍රික්කයකම ආරක්ෂක කමිටු ඇතිකරන බවත්, රටේ කොතැනක හෝ කුමන හෝ ආකාරයක සිද්ධියක් ඇතිවුවහොත් ඒ ගැන සොයා බලා කටයුතු කරන ලෙස දිසාපතිවරුන්ට උපදෙස් දී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා ගාල්ල දිස්ත්‍රික්කයේ ආරක්ෂක කමිටු රැස්වීමේදී වන අතර අදාළ උපදෙස් මේ වන විටත් දිසාපතිවරුන් හරහා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙතද දැනුම්දී ඇති බවද පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන අමාත්‍යවරයා,

"ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේත් උපදෙස් මත මා සියලුම දිසාපතිවරුන්ට මේ ගැන අවශ්‍ය උපදෙස් ලබාදුන්නා. ඉදිරියේ දී ඒ අනුව ක්‍රියාකරනවා. සියලුම දිස්ත්‍රික්කවල ආරක්ෂක කමිටු පිහිටුවන්නත් අපි උපදෙස් දී තිබෙනවා. එමගින් ඉදිරියේ දී රටේ මේ වගේ අවාසනාවන්ත සිදුවීම් වළක්වාගත හැකි වේවි.

මහනුවර වැනි සිද්ධියක දී අපේ දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු සෘජුව ඒ අවස්ථාවට මැදහත් වී ආරක්ෂක අංශ සමග කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. ඒ නිසා රජයක් හැටියට අපි අවබෝධ කරගෙන ඉන්නවා ඉදිරියේ දී ඕනෑම ගැටුමක්, නරක සිදුවීමක් හුදකලා නොකර වහාම ඒ ගැන සොයා බලා කටයුතු කිරීමට. එමගින් පොඩි රණ්ඩුවක් ජාතිවාදී අරගලයක් බවට පත්වීම වළක්වා ගන්න පුළුවන්.

අන්තර්ජාලය ඔස්සේ ලැබී තිබෙන වල් බූරු නිදහස

අම්පාරේ සිද්ධිය ඇති වුණේ තනිකරම වැරදි අදහසක් නිසා. ඒ වැරදි අදහස සමාජගත කළේ අන්තර්ජාලය ඔස්සේ ලැබී තිබෙන වල් බූරු නිදහස භාවිතා කරමින්. මහනුවර සිද්ධිය වාහන සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් නිසා ඇතිවූවක්. ඒ වෙලාවේ මේ ගැන සොයා බැලුවේ නැතැයි චෝදනාවක් තිබෙනවා. නමුත් මේ වගේ දේවල් ඕනෑම වෙලාවක රටේ ඕනෑම තැනක සිදුවෙන්න පුළුවන්. සිංහල කෙනෙක් දෙමළ කෙනෙකුට මුස්ලිම් කෙනෙකුට ගහන්න පුළුවන්. මුස්ලිම් කෙනෙක් සිංහල කෙනෙකුට දෙමළ කෙනෙකුට ගහන්න පුළුවන්. ඒවා මිනිසුන්ට තරහ ගියාම, වැරදි වැටහීම් නිසි ඕනෑම වෙලාවක වෙනවා. නමුත් ගැටළුව තියෙන්නේ අනිත් අය මේක ජාතිවාදී අරගලයක් බවට පත්කර ගැනීමයි."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න