කොරෝනාවෙන් ළමයි බේරගන්න : Save the children එක් වෙයි !

කොරෝනාවෙන් ළමයි බේරගන්න : Save the children එක් වෙයි !

කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව මෙරට ක්‍රියාත්මක ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කරමින් කොවිඩ් වසංගතයෙන් ළමුන් බේරා ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය ඔක්සිජන් චිකිත්සක උපකරණ (Oxygen Therapy Equipment) සහ පුද්ගලික ආරක්ෂණ උපකරණ (Personal Protective Equipment) තොඟයක් සංවර්ධන හා මානූෂිය වැඩසටහන්කරණයේ ප්‍රමුඛ සංවිධානයක් වන “Save the children” සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරන ලදි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත “Save the children” සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ ජුලියන් චෙල්ලප්පා ඇතුලු එම ආයතනයේ නිලධාරීන් විසින් රුපියල් ලක්ෂ 185 ක පමණ වටිනාකමකින් යුත් මෙම වෛද්‍ය උපකරණ තොඟය සංකේතවත් ව අද දින (28) පරිත්‍යාග කරන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීය.

මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා වෛද්‍ය උපකරණ සමග හදිසි ශල්‍ය සහාය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලීමකට අනුව “Save the children” සංවිධානය විසින් මෙම උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග , “Save the children” සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ ජුලියන් චෙල්ලප්පා (Mr. Julian Chellappah) වැඩසටහන් හා මෙහෙයුම් අධ්‍යක්ෂ අහිලා තිලිනාදන් (Ms. Ahila, Thillainathan) , ප්‍රතිපත්ති උපදේශණ සහ පර්යේෂණ අධ්‍යක්ෂ රංජන් වෙත්තසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න