ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබා දීමට බංග්ලාදේශයේ බැංකු මණ්ඩලය ඊයේ(23) අනුමත කර තිබේ.
එරට මහ බැංකු අධිපති ෆස්ලි කබීර් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ බැංකු මණ්ඩලය ප්‍රතිපත්තිමය වශයෙන් විනිමය හුවමාරු පහසුකමක් හෙවත් ස්වොප් පහසුකමක් ලෙස මෙම ණය මුදල ලබා දීම අනුමත කර ඇත.
නීතිමය පරීක්ෂා කිරීම්වලින් පසුව බංග්ලාදේශ රජය අදාළ අවසන් එකඟතාවලට එළැඹෙනු ඇත.
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය මගින් සිදු කරන වියදම් පියවා ගැනීම සඳහා බංග්ලාදේශ මහ බැංකුව ඩොලර් මිලියන 200 ක විනිමය හුවමාරු පහසුකම සහනදායී පොලියක් මත ලබාදෙනු ඇත.
ඒ සඳහා එම වටිනාකමට සමාන ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය බංග්ලාදේශ මහ බැංකුවේ තැන්පත් කළ යුතු අතර රජයේ වගකීම ද සහතික වී ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ ය.

