ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මුලින්ම දූෂිත ආකාරයට ආණ්ඩුවේ පාර්ශව කිහිපයක් වෙත ලක්ෂ ගණනින් දීමනා ගෙවමින් ඇති බව දූෂණ විරෝධී ක්‍රියාකාරීන් වාර්තා කරයි.
මෙම ගෙවීම් ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සොයාගැනීමට තරම් කිසිදු සම්බන්ධයක් නැති, නමුත් ඇති එකම සම්බන්ධය පොදුජන පෙරමුණ ආණ්ඩුවේ සහයකයන් වීම යන පදනම ඇති දෙදෙනකු සම්බන්ධව තොරතුරු මෙසේය.
එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක
වත්මන් ආණ්ඩුව යටතේ බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් රුපියල් 300000.00 ක දීමනාවක් , රුපියල් 200000.00 ක වාහන දීමනාවක් ලෙස රුපියල් 500000.00 ක් (රුපියල් ලක්ෂ 5 ක්) ,
විශ්‍රාමික මේජර් ජනරාල් එම්.ආර්. ඩබ්ලිව් ද සොයිසා
වත්මන් ආණ්ඩුව යටතේ ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් රුපියල් 250000.00 ක දීමනවක්, රුපියල් 100000.00 ක වාහන දීමනාවක් සහ රුපියල් 27400.00 ක ඉන්ධන දීමනාවක්,
ඔවුන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර මෙතරම් දීමනාවක් නිකුත් කිරීමට ඇති හේතුව පැහැදිලි නැත.
කෝප් සභාපති චරිත් මේ ගෙවීම් දැක්කාද ?
වත්මන් ආණ්ඩුව යටතේ කෝප් කමිටු ප්‍රධානී චරිත හේරත් පවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්ත දූෂිත බවට චෝදනා කර ඇති අතර මහජන මුදල් දූෂණය කිරීමට අදාළව සිදුකර ඇති විමසීම් සඳහා පිළිතුරු දීමට දින වකවානුද නියමකර ඇත.
එවැනි තත්ත්වයක් තිබියදී පසුගියදා පැවති ක්‍රිකට් නිලවරණයෙන් ද යළිත් පත්වූයේ ඒ දූෂණ චෝදනා ඇති පාර්ශ්වයමය.

